සිංහල පුරාණ ශිෂ්ටාචාරයේ පෞඩත්වය රැදෙන්නේ කලා ශිල්ප මත පමණක් නොවේ. සිංහලයන් ගොඩ නැගූ මහා ශිෂ්ටාචාරය තාක්ෂණික ලෙස ඉතා ඉහළ තලයක වීය. සිංහලයන් ළගා කරගත් තාක්ෂණික ජයග්‍රහණ කිහිපයක් පෙළ ගැස්වුවහොත්,
ලොව පුරා විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාරවල බිහි වී ඇති නමුදු දිය වැටෙන තැනම වැව් බැදි මහා වාරි ශිෂ්ටාචාරයක් බිහි කළේ සිංහලයන් ය. එම වැව් වල “බිසෝ කොටුව ” වැනි තාක්ෂණික ආශ්චර්යයන් ගැබ් විය.
ලොව මුල්ම මහල් ගොඩනැගිලි ඉදි කළේ සිංහලයන් ය.
ලොව මුල්ම රෝහල වන මිහින්තලේ රෝහල හා ලොව මුල්ම රෝහල් පද්ධතිය සිංහලයේ ගොඩ නැගුණු අතර, එම රෝහල් හි ශෛල්‍යකර්ම උදෙසා භාවිතා කළ සියුම් උපකරණ ආදියේ න්‍යෂ්ටාවශේෂ අද හමුවී තිබේ.
කාශ්‍යප රජ දවස ගොඩනැගූ සීගිරිය ලොව මහා පුදුම අතරට එක් වූවකි. සීගිරි ජල උද්‍යානයේ වර්ෂා සමයේ දී අද පවා ක්‍රියාත්මක වන දියමල් තාක්ෂණික ආශ්චර්යයකි.
සිංහලයේ තිබූ වානේ උණු කිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර, අරාබියේ දැමස්කස් කඩු සදහා අවශ්‍ය වූ වානේ රැගෙන ගියේ ලංකාවෙනි.
ලොව මුල්ම ඇස් කණ්නාඩි නිෂ්පාදනය කරන ලද්දේ ගගසිරිපුර ගම්පොල රාජධානි සමයේ දී ලංකාවේ වන අතර, එම දියතරිප්පු කණ්නාඩි නිපද වූ පරපුරේ අවසන් පුරුක වන ශිල්පියා අද ද එම කර්මාන්තයේ නිරත වේ.
සිංහල ශිෂ්ටාචාරයේ ඉතුරු වී ඇති ගල් කැටයම්, ලී කැටයම් සහිත නිර්මාණ අද ද ලොව මවිත කරවන සුළුය.
මෙම තාක්ෂණික ජයග්‍රහණ එකිනෙකට විමසීම වැදගත්ය.
පුරාතනයේ රාවනා රජ දවස ලංකාවේ පුරාණ විමාන , අහස් යාත්‍රා එනම් දඩුමොණරයන් පවා තිබූ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බැව් රාමායනය ආදී පුරාණ වාර්තාවල කියවේ. එම පුරාණ ශිෂ්ටාචාරය කෙතරම් විශ්මිත දියුණුවක් අත්පත් කරගෙන තිබුණේ ද යත් පිටසක්වල ජීවීන් සමග ද පණිවුඩ හුවමාරු කරගැනීමට සමත් සිත දියුණු කළ සෘෂිවරු මෙහි වූ බැව් කියැවේ. අනුරාධපුර රන්මසු උයනේ “සක්වල චක්‍රය” එනම් විශ්වයේ සිතියමක් යැයි විශ්වාස කෙරෙන විශාල ගල් පුවරුවක කොටා ඇති ගුප්ත කැටයම් සමූහය හා ඒ ඉදිරිපස එරමිණියා ගොතා ගෙන වාඩි සිත සමාධිමත් කිරීමට ඉදිකර ඇති ගල් ආසන සහිත ස්ථානය එසේ පිටසක්වල ජීවීන් සමග ගණුදෙනු කිරීමට යොදාගත් විශ්ව දොරටුවක් එනම් Star Gate එකක් ලෙස ඇතැම්හු මත පලකරති.
මෙබදු මත කෙසේ වුව ද සිංහලයන් ළගා කරගෙන තිබූ තාක්ෂණික දියුණුව පැහැදිළිවම පෙනෙන ප්‍රබල සාක්ෂි මගින් සනාථ කළ හැක්කේය.
යට දැක්වෙන්නේ ඉහත කෙටියෙන් දැක් වූ තාක්ෂණික විජයග්‍රහණ පිළිබදව සවිස්තර විග්‍රහයකි.
මහවැලි ව්‍යාපාරය සමයේ දී මාදුරුඔය වේල්ල බැදිය යුතු ස්ථානය විද්‍යාත්මකව තීරණය කිරීම විදේශීය ඉංජිනේරුවන්ට අභියෝගයක් වීය. ඒ අනුව චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මහත් පරිශ්‍රමයක් යොදා වේල්ල ගොඩනැගිය යුතු ස්ථානය තීරණය කරගත් අතර එම ස්ථානයේ වේල්ල ගොඩනැගීම උදෙසා වූ කැණීම් කටයුතු ඇරඹුණී. එනමුත් එම ස්ථානයෙන්ම පුරාණ සිංහල වේල්ලක් මතු වූයේ විදේශ ඉංජිනේරුවන් මවිත කරමිණි. මාදුරුඔය ජලාශය නිමවා, එය විවෘත කරන අවස්ථාවේ දී, විදේශ ඉංජිනේරුවරු අතීතයේ මෙම ස්ථානයේම පුරාණ තාක්ෂණය ඔස්සේ වේල්ලක් ගොඩනැගූ සිංහල ඉංජිනේරුවරුන්ට සිය උපහාරය පුද කළහ.
ඉහත දැක්වු ලෙස ලොව විවිධ ගංඟා නිම්න ශිෂ්ටාචාර බිහිවි ඇති නමුදු දි ය වැටෙන තැනට වැව් බැදි මහා වාරී ශිෂ්ඨාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ සිංහලයන්ය."අහසින් වැටෙන එක දිය බිදක් වුවද ප්‍රයෝජනට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙමු."යන මහා පරක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය අනුව යමින් ක්‍රි. ව 1155 වන විට ලොව ශ්‍රේෂ්ඨතම වැව් ජාලය හා වාරි කළමණාකරන පද්ධතිය ගොඩනැගිමට සිංහලයෝ සමත් වූහ. 12 වන සියවසේ කාශ්මීර ඉතිහාසඥයෙකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබද සංස්කෘත භාෂාවෙන් රචිත "රාජතරංගනිය" කෘතියේ කියැවෙන්නේ, වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉංජිනේරුවන් හෙළබිමින් ඉන්දියාවට සපැමිණි බවයි. ක්‍රි. ව 1155 එනම් පරාක්‍රම සමුද්‍රය ගොඩ නැගු මහාපරාක්‍රමබාහු (1153-1186) රජතුමන්ගේ සමය වන විට ඇලවල් 4000 කින් බැදිගිය වැව් හා ජලාශ 5000 ක වාරි පද්ධතියක් රජරට පුරාවට හා රටේ සෙසු පළාත්වලද පැවතුණි. රටේ සැම ගමකම ඉදිවූ වැවකින් ගොවිතැන් කටයුතු සදහා ඇවැසි ජලය සැපයුණි. ලොව කිසිදු රටක මෙවැනි වාරි චිරස්ථායී ලෙස ජල කලමණාකරනය සිදු කෙරෙන පද්ධතියක් නොවීය. ලංකාවේ වාරී තාක්ෂණය මෙහිම අනන්‍යව දියුණු වූවක් වන අතර එය ලංකාවේ වියළි කලාපයට ඉත සුදුසු ලෙස පරිණාමය වූවකි. සැතැප්මට අඟලක් බෑවුම් වන සේ ඉදිකළ යෝධ ඇල ලංකා වාරි ශිල්පයේ ශ්‍රේෂ්ඨ තාක්ෂණික නිර්මාණයකි. තවද පුරාණ වැව්වල වැව් බැම්ම හා සම්බන්ධව ඉදි කල "බිසෝකොටුව" නම් වූ ජල පීඩනය පාලනය කොට පිට කිරිමේ තාක්ෂණික නිර්මාණය ඉතා උසස් තාක්ෂණික නිර්මාණයකි. ලොව පළමු මහල් ගොඩනැඟිලි ඉදිවූයේ දුටුගැමුණු රජ සමයේදී (ක්‍රි.පූ 161-137)සිංහලයන් අතිනි. රෝමයේ කොලෝසියම ගොඩනැගිම ඇරඹේන්නේ ක්‍රි. ව 70 දීය. භික්ෂුන්ගේ වාසස්ථානයක් වු ලෝවාමහපාය මහල් නවයකින් යුක්තව ඉදි කෙරුනු අතර එහි වහලයට තඹ තහඩු යොදා තිබුණු බැවු කියවේ. ලෝවාමහාපායේ එක් පසෙක දිග අඩි 400 ක් විය. 40 බැගින් වූ ගල් කණු පේළි 40 ක් එනම් ලොවාමහපායේ පහළම තට්ටුවේ ගල්කණු 1600 ක් තවමත් ඉතිරිව තිබේ. ක්‍රි.ව 6 සියවසේදි ලියැවුණු මහා වංශයට අනුව පන්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ 437 - 367) නේවාසික රෝහල් (සිවිකාසොත්ති ශාලා) ලංකාව පුරා විවිධ පළාත්වල ඉදි කෙරුණි. මෙය මුළු ලෝකයෙම අසනීප වූවන් රැකබලා ගැනීම උදෙසාම ආයතන ඉදිකලේ යැයි සදහන් වන පුරාණතම අවස්ථාවයි. ලොව පැරණිතම රෝහල් නෂ්ඨාවශේෂ හමුවන්නේ ලංකාවේය. එනම් 9 වන සියවසේ ඉදි වූ මිහින්තලය රෝහලයි. මිහින්තලේ, අනුරාධපුර, මැදිරිගිරිය ප්‍රදේශවල රෝහල් වල නටබුන් දැකිය හැකිය.
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙහි පිහිටා ඇති පුරාණ පර්වත රාජධානියක් වු සීගිරිය ලංකාවේ සුප්‍රකටම ඓතිහාසික ස්ථානයයි. සීගිරිය එහි සිංහ පාදයත්, කවි ලියා ඇති කැටපත් පවුර, සීගිරි චිත්‍ර හා සුවීශේෂි නගර සැලසුම් උදෙසා ප්‍රකටය. චූලවංශයට අනුව කාශ්‍යප රජතුමන් (ක්‍රි.පූ 477 -495) සීගිරිය තම අග නගරය කොට ගත්තේය. ඔහු සීගිරි පර්වතය මුදුනේ මාළිගය ගොඩනැගුවේය. විකල්ප මත වලට අනුව රාවණා රජතුමන්ගේ පුරාණ මාළිගය ද පිහිටා තිබී ඇත්තේ සීගිරියේය. සීගිරියේ ජල උද්‍යානය විවිධාකාර පොකුණු වලින් සමන්විත වන අතර ජල පීඩනය ඔස්සේ ජල නල මගින් ක්‍රියාත්මක වන දියමල් එහි සුවිශේෂි තාක්ෂණික නිර්මාණයකි. වර්ෂා සමයේ දී මේවා අද ද ක්‍රියාත්මක වේ.
ලංකාවේ වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තිය යොදා ගැනුණු අතර එසේ නිෂ්පාදනය කරන ලද වානේ දමස්කසයේ කඩු නිෂ්පදනය සදහා ද අපනයනය කෙරුණි.
බ්‍රොන්සන් අල් හසන්ගේ වාර්තා වලට අනුව දමස්කසයේ කඅවශ්‍ය වූ වුට්ස් නම් වානේ ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගෙන තිබේ. එසේම අල් කන්ඩි නම් ලේඛකයා ලියා ඇත්තේද යේමන්, හාරිස් , කොරාසන්, . සහ මනිසුර යන අරාබි කඩු නිෂ්පාදනය සදහා සෙරන්ඩිබ් හෙවත් ලංකාවෙන් වානේ ලබාගෙන ඇති බවයි. සමනළ වැව ප්‍රදේශයේ ඉතා ඉහල ගණයේ වානේ නිෂ්පාදනය කෙරුණු යකඩ උදුන් සිය ගණනක් හමු වී තිබේ. එම යකඩ උදුන් වල නිරිත දිග සුළං වලට මුහුණ ලා මෙම වානේ නිෂ්පාදන උදුන් නිපදවා අති අතර චූෂණ (suction)ක්‍රියාවලියකින් කි.මි 70 සුළං පීඩනය හේතුවෙන් උදුන තුළ තාපය නිෂ්පාදනය වී යකඩ පෙරා ගැනේ. මීට අමතරව මහාචාර්ය සේනක බන්ඩාරණායකයන්ගේ මග පෙන්වීම මත ආචාර්ය රෝස් සෝලංගආරච්චිමියට ඇයගේ ගවේෂණවලදී කිරිඔය නිම්නයේ යකඩ නිෂ්පාදනාගාර සියගණනක් හමූවී තිබේ. ඇය සීගිරියේ කළ පර්යේෂණවලදී සනාථ වුයේ කිරිඔය නිම්නයේ යකඩ තාක්ෂණයට භාවිතා කොට තිබුණේ දුර්ලභ ගණයේ මැග්නයිට් යපස් බවයි. නුවරගල කන්ද මුදුනෙන් නැඟි මින්නේරි වැව දක්වා ගලන කිරි ඔය දෙව්රේ මෙම වානේ නිෂ්පාදන පිහිටා තිබුණි. පිහිටිගල හෙවත් මව් පාෂාණය දක්වා හාරනු ලබන පොළොවෙහි මැටියෙන් සෑදූ උදුන මීටර් දෙකක පමණ උසකින් යුක්ත විය. නිම්නයක හැඩයට සෑදූ ඉහළට යන විට කේතූකාරව කුඩා විය. හැම විටම මෙම උදුන් සුළං හමන දිශාවට මුහුණලා කදු බෑවුම් වල නිර්මාණය කර තිබුණි. මෙම උදුන් සදහා වාතය සපයා ගැනීමට නල අටක් විය. එය බහු වායු නල තාක්ෂණය නම් වේ. ක්‍රි.ව 2-4 අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙම යකඩ නිෂ්පාදනාගාර මහසෙන් රජ සමයට අයත් බව කාබන් කාල නිරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.
අතීතයේ යකඩ පමණක් නොව, යකඩවල හොදම කොටස් ගෙන නිෂ්පාදනය කරන වානේ තාක්ෂණය ද මෙරට ක්‍රියාත්මක විය.ඉහල තත්වයේ යකඩ කැබලි ගෙන මැටි හා දහයියා වලින් සැකසු කෝවවල දැමු විශේෂිත දැව වර්ග යොදා උණු කර තිබේ. මේ වානේ තාක්ෂණයට උදාහරණ සීගිරීයෙන් හමු වීය. සර් රොබර්ට් හැඩ්ෆිල්ඩ් සීගිරියෙන් හමු වූ යකඩ හා වානේ නියැදි කිහිපයක් පරීක්ෂා කොට පැවසුවේ case hardning යන වානේ ශක්තිමත් කිරිමේ කලාව සීගිරිය ප්‍රදේශයේ සිටි වානේ ශිල්පීන් දැන සිට ඇති බවත් එසේම ජල පිළියම මගින් වානේ ශක්තිමත් කිරිමේ කලාව ලංකාවේ පැවතුන බවත්ය. මලියසේන නම් වූ ශ්‍රි ලාංකික පුරා ලෝහ විද්‍යාඥයා කියා තිබුණේ ඔහු දන්නා පරිදි මේ වානේ ශක්තිමත් කිරිමේ කලාවට දිය හැකි පැරණිම දින වකවානු සාක්ෂි ද හමුවන්නේ ලංකාවෙන් බවය.
උඩුනුවර කහඹේ වෙසෙන සුධාමිණි ගෙදර ගුණසෝම ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේ ඇරඹුන දියතරිප්පු කන්ණාඩි නිෂ්පාදනයේ තවමත් යෙදෙන එම පරපුරේ අවසාන පුරුකයි. ඔහු සහ ඔහුගේ කර්මාන්තය පිළිබද ලිපියක් 2011 නොවම්බර් 27 දින රිවිර පුවත්පතේ 33 වන පිටුවේ පල වී තිබුණි. යට දැක්වෙන්නේ වයි. එස්. ටී. බී. වික්‍රමනායක විසින් රචිත එම ලිපියේ උපුටා ගත් කොටස් කිහිපයකි. ගුණසෝම මහතා පවසන පරිදි ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දොසක් සදහා දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කරදී ඇත්තේ ද ගුනසෝම පරපුරේ ආදීතමයෙකි. ඒ රජුගේ ඔටුන්නේ මැණික් වැඩ කලේද ගුනසෝම පරපුරේ මුතුන්මිත්තෙකි.
බුවනෙක බා සිටිවෙන මිණි - රජ දවස කිරුළක අග මිණක් - සාදා දී විගස සිරිලක පවතින්ට අප පරපුර - වෙසෙස හසුනක ලියා දී සිළුමිණි - ගම සතොස
ගුණසෝම පරම්පරාවේ අය බුවනෙකබා රජුගේ ඔටුන්නේ මැණික් ඔබ්බවා දීමෙන් ලැබු සන්නසේ සදහන් වන්නේ එසේය. ගුණසෝම දියතරිප්පු කන්ණාඩියක් හදන්නට දවස් නවයක් දහයක් පමණ ගතවේ. එසේම ඔහු දොස්තර වට්ටෝරුවලට කන්ණාඩි හදන්නේ ද නැත. කන්ණාඩිය අවශ්‍යය තැනැත්තාගේ පෙනිමේ දුර්වලතාව මත කන්ණාඩි නිර්මාණය කරනු ලැබේ.
මෙම කන්ණාඩිවල විශේෂත්වය වනුයේ ඇසට ලැබෙන සිසිලයි. එසේම ඔහු කියන්නේ දියතරිප්පු කන්ණාඩි පළදින අයෙකුට කිසිදා ඇසේ සුද මතු නොවන බවයි. මාස තුනකට වතාවක් රත්නපුර ගොරකාඇල පතල් වලට යන ගුණසෝම දින ගණන් නැවති සිට කන්ණාඩි නිෂ්පාදනයට අවශ්‍යය පළිඟු ගල් අඹතෙස් පාෂාණ සහ දියමන්ති ගල් ගෝනිවල දමාගෙන පිළිමතලාව කහඹේට ගෙන එයි. ඒ බස් රියෙනි. එසේ ගෙන එන ගල් වර්ගකර පලා සකස් කර ගන්නේ ගෙදර අයගේද සහාය ඇතිවය. එසේ ගෙනෙන පලිඟු ගල් පලා කපා ගන්නා කොටස් බට්ටුගලේ අල්ලා ගන්නා ගුණසෝම මැණික් කට්ටා ගල් කැට කුඩු කර පෙරා ගන්නා අතර භාජනයේ අඩියේ මිදෙන මන්ඩි කොටස (කුරුදුමැට්ට ) ඒ සදහා සකස් කරගත් තිරුවානා ගලේ දමා වීදුරුවක් මෙන් වනතුරු ඔපමට්ටම් කර ගනී. අනතුරුව රත්නපුරයෙන් ගෙන එන හීන්වැල්ල එරමුදු ලීයේ තවදුරටත් මැදගනී.
ඉන්පසු දිස්නෙ දෙන දියමන්තියක් සේ ඔප වැටෙන පලිඟු කැබැල්ල කන්ණාඩියක් බවට පත් කරගන්නා ගුණසෝම නැගි සිට අව්වට අල්ලා එය පිරික්සා බලන්නේ සටනින් ජයගත් සෙන්පතියෙකු මෙනි. එම වීදුරුව කන්ණාඩියට අවශ්‍ය පරිදි උත්තල හෝ අවතල කරගන්නේ ඉන් අනතුරුවය. ඒ රිදී තිරුවානාවේ ඇල්ලිමෙනි.
පෘතුගිසී සමයේදී මෙම තාක්ෂණය දැනගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකේ. අදටත් ඇස්කන්ණාඩි සොයාගත් පුද්ගලයෙකු පිළිබදව සදහනක් නොමැති අතර ඇස්කන්ණාඩි තාක්ෂණය යුරොපයේ දියුණු වී ඇත්තේ 16 වන සියවසෙන් පසුවය.
යළිත් විජේසුරේන්ද්‍ර